Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදුලි සංදේශ ඉංජිනේරුවරයෙකු වූ කේ එම් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි  

Add comments

විදුලි සංදේශ ඉංජිනේරුවරයෙකු වූ කේ එම් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වුණා. ශ්‍රී ලංකා රූපවාහිනී ක්ෂේත්‍රයේ ඉදිරි ගමන ශක්තිමත් කිරීමට පුරෝගාමි මෙහෙවරක් ඉටුකළ  කේ එන් ගුණවර්ධන මහතා ස්වාධීන රූපවාහිනියේ ප්‍රථම මෙහෙයුම් ඉංජිනේරුවරයායි.

1961 වසරේදී ඉංජිනේරුවරයෙකු ලෙස තම වෘත්තීය දිවිය ආරම්භ කළ ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හා රූපවාහිනී සංස්ථාවේද ඉංජිනේරුවරයෙකු ලෙස විශිෂ්ට මෙහෙවරක් ඉටු කළා. ඉංජිනේරු වෘත්තිකයන්ගේ සංගම් හා ආයතනවල ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ගුණවර්ධන මහතා මිය යන විට විශ්‍රාම දිවියක් ගත කරමිනුයි සිටියේ.

විද්‍යුත් මාධ්‍යයට ඒ මහතා ඉටු කළ සේවය ඇගයීම සදහා 2008 වසරේදී රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ප්‍රණාම විශේෂ සම්මානයෙන්ද පිදුම් ලැබුවා. ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඔහු දැක්වූ විශිෂ්ටතාව වෙනුවෙන් 2016 වසරේදී ඒ මහතා රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේදී විශේෂ සම්මානයකින්ද පිදුම් ලැබුවා.  ඒ මහතාගේ දේහය මේ වන විට කොළඹ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. අද පස්වරුවේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

 

The post විදුලි සංදේශ ඉංජිනේරුවරයෙකු වූ කේ එම් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG