මැද කොළඹ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය ගොඩඋඩ අරියධම්ම ස්වාමීන් වහන්සේ රචිත කොළඹ විහාරස්ථාන පළමු කොටස ග්‍රන්ථය එළි දැක්වීම සිදු කෙරුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්.
කොළඹ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථාන 79 ක තොරතුරු මෙම ග්‍රන්ථයට ඇතුළත් කර තිබෙනවා. පිටු 207 කින් සමන්විතව මෙය එළි දැක්වුණේ මැද කොළඹ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ කාර්යයක් ලෙසයි. ග්‍රන්ථය පිළිබඳ හැඳින්වීමේ දේශනය සිදු කළේ පූජ්‍ය කරපුටුගල රේවත ස්වාමීන් වහන්සේයි. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.
The post පූජ්‍ය ගොඩඋඩ අරියධම්ම ස්වාමීන් වහන්සේ රචිත කොළඹ විහාරස්ථාන පළමු කොටස ග්‍රන්ථය එළිදැක්වේ appeared first on ITN News.
Post a Comment