අභාවප්‍රාප්ත ප්‍රවින රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි.
ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියෙකු වන සරත් චන්ද්‍රසිරි මහතා වේදිකාවේත් පුංචි තිරයේත් අපූරු චරිත මැවූ දක්ෂ රංගන ශිල්පියෙක්. අබුද්දස්ස කෝලම, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, රාජ කපුරු, තලමල පිපිලා ආදී වේදිකා නාට්‍යවල නොමැකෙන මතක සටහන් තැබීමට සරත් චන්ද්‍රසිරි මහතා සමත් වුණා. දූදරුවෝ, මලී, කේතුමතී, අඩෝ, වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය වලින් ද ඒ මහතා කැපී පෙනෙන ජනප්‍රියත්වයක් හිමි කර ගත්තා.
ස්වාධීන රූපවාහිනී සේවයේ නිෂ්පාදනය කළ පබා ටෙලිනාට්‍යයේ සමගිපුර වසන්තගේ චරිතය ජන හදවත් තුළ නොමැකෙන මතකයක් සනිටුහන් කළා. රාජ්‍ය සේවය පිණිසයි චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ සරත් චන්ද්‍රසිරි මහතා සිකුරු හතේ,මගෝඩිගොඩයි, ගින්දරී, මායා, ඩොක්ටර් නවරියන්, අදුරු සෙවනැලි ආදී චිත්‍රපට රැසක ටද ඒ මහතා සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ බණ්ඩාරගම, වල්ගම පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
The post ප්‍රවින රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතාගේ අවසන් කටයුතු පස්වරුවේ appeared first on ITN News.
Post a Comment