Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්වීඩන් තානාපති විදේශ ඇමති හමු වෙයි  

Add comments

ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාව සදහාද ස්වීඩන් තානාපතිවරයා ලෙස කටයුතු කරන ක්ලස් මොලින් මහතා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරිස් මහතා හමුවුණා.

ස්වීඩනයේ අග්‍රාමාත්‍ය ධුරය සදහා කාන්තාවක තේරීපත්වීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ජී එල් පිරිස් මහතා ස්වීඩනය වෙත මෙහිදී සුබ පැතුම් එක් කළා. සංවර්ධන සහයෝගිතාවය සිට වෙළෙද,ආයෝජන සහ සංචාරක සබදතා ඇතුළත් බහුවිධ හවුල් කාරිත්වයක් දක්වා වසර ගණනාවක් මුළුල්ලේ ස්වීඩන ශ්‍රී ලංකා සබදතා වර්ධනය වීම දෙපාර්ශවයේම ඇගයීමට ලක් වුණා.

කොත්මලේ වේල්ල ඉදි කිරීමේ දී සංවර්ධන හවුල්කරුවෙකු වශයෙන් ස්වීඩනය ලබා දුන් දායකත්වය සිහිපත් කළ විදේශ අමාත්‍යවරයා තිරසාර සංවර්ධනය තාක්ෂණය සහ සෙසු ක්ෂේත්‍ර ඔස්සේ ස්වීඩනය සමග සම්බන්ධ වී කටයුතු කිරීම සදහා ඉදිරියේ දී ශ්‍රී ලංකාව තවත් යොමු වන බවයි පැවසුවේ. තානාපති මොලින් මහතා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාද හමුවුණා.

 

The post ස්වීඩන් තානාපති විදේශ ඇමති හමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG