Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවුන් සාන් සුකීට වසර 4ක සිර දඬුවම්  

Add comments

මියන්මාරයේ හිටපු නායක අවුන් සාන් සුකිට වසර හතරක සිර දඩුවම් නියම කිරීමට එරට අධිකරණය පියවර ගනී.

මියන්මාරයේ හිටපු නායක අවුන්සාන් සු කි ට එල්ල  වී ඇති අනෙකුත් චෝදනාවලට වරදකරු වුවහොත් ඇයව වසර සියයකට අධික කාලයකට සිර දඩුවම් නියම වනු ඇති බවටයි විශ්ලේෂකයින් සදහන් කරන්නේ. දැනට එල්ල වී ඇති චෝදනාවලට අමතරව තවත් චෝදනා යටතේ මියන්මාර හමුදා පාලනය ඇයට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවද සදහන්.

මේ අතර මියන්මාරයේ හමුදා පාලනයට විරෝධය පළ කරමින් පැවැත්වෙන ජනතා උද්ඝෝෂණවලට මේ වනවිට වසරකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. ඊයේ දිනයේදී යැංගොං නගරයේ පැවති විරෝධතා පාගමනක ගමන් ගත් පිරිසක් යට කරමින් හමුදා ට්‍රක් රථයක් ධාවනය කර අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. අනතුරුව හමුදාව පලායන උද්ඝෝෂකයින් වෙත ජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි ඇසින් දුටු සාක්ෂිකරුවන් සදහන් කරන්නේ. සිද්ධියෙන් විරෝධතාකරුවන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බවද සදහන්.

විරෝධතාවට සහභාගී වූ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද මියන්මාර හමුදාව කටයුතු කර තිබෙනවා. එම පිරිස අතරට මාධ්‍යවේදීන් දෙදෙනෙකුද අයත් වනවා. පසුගිය පෙබරවාරි මාසයේ දී හමුදා කුමන්ත්‍රණයක් මගින් මියන්මාරයේ පාලන බලය ලබා ගැනීමට එරට හමුදාව කටයුතු කළා.

එතැන් පටන් හමුදා පාලනයට විරෝධය දක්වමින් මියන්මාරය පුරා උද්ඝෝෂණ ක්‍රියාත්මකයි. හමුදාව සහ උද්ඝෝෂකයින් අතර හටගත් ගැටුම්වලින් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව එක්දහස් දෙසියකට අධිකයි. තවත් දහස් ගණනක පිරිසක් හමුදා අත්අඩංගුවේ පසුවනවා.

 

The post අවුන් සාන් සුකීට වසර 4ක සිර දඬුවම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG