ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අත්පත් කර ගන්නා අවස්ථාවේ ලබාදුන් පොරොන්දු දිගින් දිගටම කඩ කරන්නේ නම් තලෙයිබාන් සංවිධානයට එරෙහිව පියවර ගැනීමට සිදු වන බව රටවල් රැසක් අනතුරු අගවනවා.
ඇෆ්ගනිස්ථාන හමුදාවේ හිටපු සෙබලුන් රැසක් තලෙයිබාන් සංවිධානය ඝාතනය කර ඇති බවට පසුගියදා අනාවරණය වුණා. හමුදාවේ සෙබළුන් රැසක් ඇෆ්ගනිස්ථානයෙන් පලා ගොස් ඇති අතර එරට තුළ සැගවී සිටින සෙබලනුයි මෙලෙස ඝාතනය කර ඇත්තේ. එමෙන්ම තලෙයිබාන් සංවිධානයට භාර වූ හමුදා සෙබළුන් 47 දෙනෙකු ද ඝාතනය කර ඇති බවට ද වාර්තා වනවා.
රටවල් 22 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ඇෆ්ගනිස්ථානයේ සිදු වන ඝාතන හා අතුරුදහන් වීම් සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් පසු වන බවයි. එරට පාලනය භාර ගැනීමේ දී ලබා දුන් පොරොන්දු මෙලෙස දිගින් දිගටම කඩ කරන්නේ නම් තලෙයිබාන් සංවිධානයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවයි ඔවුන් සදහන් කරන්නේ.
The post තලෙයිබාන් සංවිධානයට රටවල් රැසක් අනතුරු අඟවයි appeared first on ITN News.
Post a Comment