කැරළිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් මධ්‍යම මාලි රාජ්‍යයේ සාමාන්‍ය වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මධ්‍යම මාලි රාජ්‍යයේ ගම්මානයක බස් රථයක ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. එම බස් රථය සතියකට දෙවරක් පමණක් එම ගම්මානයට පැමිණෙන අතර එය සැලසුම්සහගතව එල්ල කළ ප්‍රහාරයක් බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. අප්‍රිකා කලාපය තුළ ඉස්ලාම් අන්තවාදී සිදු කරන ඝාතන මේ වන විට බෙහෙවින් ඉහළ ගොස් තිබෙනවා. ජිහාඩ් ත්‍රස්තයින් මාලි,නයිගර් ඇතුළු රටවල් කිහිපයක ත්‍රස්ත ක්‍රියාවල නිරත වන අතර ඉන් දහස් ගණනක් මියගොස් තවත් මිලියන ගණනක් අවතැන්භාවයට පත්ව තිබෙනවා.
The post කැරළිකරුවන්ගේ ප්‍රහාරයකින් මධ්‍යම මාලි රාජ්‍යයේ සාමාන්‍ය වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment