Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමෘද්ධි අරුනළු වැඩසටහන යටතේ දොම්පේ ආසනයේ 677කට භාණ්ඩ බෙදා දෙයි  

Add comments

සමෘද්ධි අරුනළු වැඩසටහන යටතේ දොම්පේ ආසනයේ හයසිය හැත්තෑ හත් දෙනෙකු සදහා රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ ලබාදිමට පියවර ගැනුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්.

සමෘද්ධි සවිබල ගැන්වීම යටතේ අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් සමෘද්ධි අරුනළු වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ යටතේ දොම්පේ ආසනයේ හයසිය හැත්තෑ හත් දෙනෙකු සදහා රුපියල් තුන්කෝටි තිස්අට ලක්ෂ පනස් දහසක් යොදවමින් භාණ්ඩ ලබාදීම දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. මහන මැෂින් 41 ක්, වෙළෙදසැල් හා මස් මාළු ආශ්‍රිත කර්මාන්ත සදහා අධිශීතකරණ 7 ක් ඇතුළු උපකරණයි මෙහිදී ප්‍රදානය කෙරුණේ.

 

The post සමෘද්ධි අරුනළු වැඩසටහන යටතේ දොම්පේ ආසනයේ 677කට භාණ්ඩ බෙදා දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG