Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා නීතිවලට විරෝධය පාමින් යුරෝපයේ රටවල් රැසක නැවතත් විරෝධතා  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය අවම කිරීමට පනවා ඇති නව නීතිවලට විරෝධය දක්වමින් යුරෝපයේ රටවල් රැසක නැවත වරක් විරෝධතා ආරම්භ කර තිබෙනවා.

අවන්හල්, ආපනශාලා,කායවර්ධන මධ්‍යස්ථාන ඇතුලු ස්ථාන රැසකට ඇතුලුවීමට එන්නත් සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වීමත් සමග ස්පාඤ්ඤයේ බාසිලෝනා අගනුවර දහස් ගණනක පිරිසක් විරෝධතාවයේ නිරත වනවා. වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා ඇති නීති දැඩි කිරීමත් සමග ජර්මනියේ බර්ලින් අගනුවරද විරෝධතා ආරම්භ කර තිබෙනවා.

රට වසා දැමීමට එරෙහිව විරෝධය පල කරමින් ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට 40000 ක පමණ පිරිසක් රැස්ව සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එන්නත්කරණය අනිවාර්ය කිරීමත් සමග එයට විරෝධය පළ කරමින් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් අගනුවර ජනතාව ද විරෝධතා ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම වයිරස ව්‍යාප්තිය වේගවත් වීමත් සමග බෙල්ජියමද එන්නත්කරණය අනිවාර්ය කිරීමට පියවර ගත්තා. නව නිරෝධායන නීතිවලට විරෝධය දක්වමින් එරට පැවති උද්ඝෝෂණ අතරතුරදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර දරුණු ගැටුම් හටගත් බවයි වාර්තා වන්නේ. උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට කදුලු ගෑස් හා ජල ප්‍රහාරද එල්ල කර තිබෙනවා.

 

 

The post කොරෝනා නීතිවලට විරෝධය පාමින් යුරෝපයේ රටවල් රැසක නැවතත් විරෝධතා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG