Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හමුදා පාලනයට එරෙහිව මියන්මාරයේ පැවති විරෝධතාවකට හමුදාවෙන් වෙඩි  

Add comments

මියන්මාරයේ හමුදා පාලනයට විරෝධය පළ කරමින් ඊයේ යැංගොං නගරයේ පැවති විරෝධතා පාගමනක ගමන් ගත් පිරිසක් යට කරමින් හමුදා ට්‍රක් රථයක් ධාවනය කර අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අනතුරුව හමුදාව පලායන උද්ඝෝෂකයින් වෙත ජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි සිද්ධිය ඇසින් දුටුවන් සදහන් කරන්නේ. සිද්ධියෙන් විරෝධතාකරුවන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බවද සදහන්.

මියන්මාර හමුදාව අත්අඩංගුවට ගත් පුද්ගලයින් 11 දෙනා අතරට මාධ්‍යවේදීන් දෙදෙනෙකුද අයත් වනවා. පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා හමුදාව සහ උද්ඝෝෂකයින් අතර හටගත් ගැටුම්වලින් මියගොස් ඇති සංඛ්‍යාව එක්දහස් දෙසියකට අධිකයි. තවත් දහස් ගණනක පිරිසක් හමුදා අත්අඩංගුවේ පසුවනවා.

 

The post හමුදා පාලනයට එරෙහිව මියන්මාරයේ පැවති විරෝධතාවකට හමුදාවෙන් වෙඩි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG