Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු කොරියාවේ දෛනික Covid ආසාදිතයින් හා මරණ යළිත් ඉහළ යයි  

Add comments

දකුණු කොරියාවේ දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ගතවූ පැය 24 ට එරටින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 7175 ක්. දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 7000 ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව ද මෙය වනවා. එමෙන්ම ඊයේ දිනයේ දී සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 63 ක්. වාර්තා වන වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග එරට රෝහල්වල දැඩි සත්කාර ඒකකයන්හි ධාරිතාවය උපරිම මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි දකුණු කොරියා අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ.

එමෙන්ම සංකූලතා නොමැති රෝගීන් ට නිවෙස්වල සිට ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන බවද ඔහු පවසනවා. මේ වනවිට එරට ජනගහනයෙන් වයස දහ අටට වැඩි පුද්ගලයන් අතුරින් සියයට අනූ දෙකකට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවද සදහන්.

 

 

The post දකුණු කොරියාවේ දෛනික Covid ආසාදිතයින් හා මරණ යළිත් ඉහළ යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG