Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන කොමියුනිස්ට් පක්ෂය, මානව හිමිකම් වෙත ගරුත්වය දක්වමින් එය සුරකින දේශපාලන පක්ෂය බව චීන ජනපති කියයි  

Add comments

ජනතාවට මුල් තැන දෙමින් ඔවුන්ට යහපත් ජීවිතයක් සඳහා ඇති ප්‍රාර්ථනාව සාක්ෂාත් කිරීම, තම ඉලක්කය බවට පත් කරගැනීම ලෝකයේ සෑම රටකම වගකීම බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි.

හෙතෙම 2021 දකුණු-දකුණු මානව හිමිකම් සංසදයට සුභ පැතුම් පණිවුඩයක් යොමු කරමින් මේ බව සඳහන් කළේය.
ෂී ජින්පිං මහතා එම පණිවුඩයෙන් අවධාරණය කළේ චීන කොමියුනිස්ට් පක්ෂය, මානව හිමිකම් වෙත ගරුත්වය දක්වමින් එය සුරකින දේශපාලන පක්ෂය බවයි. චීනය අඛණ්ඩ ව ජනතාව කේන්ද්‍ර කර ගනිමින්, ජනතාවගේ ප්‍රතිලාභයන්‍ට ප්‍රමුඛතාවය ලබා දෙයි. පූර්ණ මහජන ප්‍රජාතන්ත්‍රවාදය ද චීනය ඉදිරියට ගෙන යයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග එක්ව, සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින්, ජාත්‍යන්තර මානව හිමිකම් ව්‍යායාමය මනා ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සිය ප්‍රඥාව හා ශක්තිය ලබා දීමට කැමති බව ද ෂී ජින් පිං මහතා සුභ පැතුම් පණිවුඩය මගින් ප්‍රකාශ කර ඇත.

2021 දකුණු-දකුණු මානව හිමිකම් සංසදය ඊයේ (08) බෙයිජිං හිදී ආරම්භ විය. ‘ජනතාවට ප්‍රමුඛතාවයක් ලබා දීම මෙන් ම ගෝලීය මානව හිමිකම් පාලනය’ යන්න එහි තේමාවයි. එය චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය හා චීන විදේශ අමාත්‍යාංශය විසින් ඒකාබද්ධ ව සංවිධාන කරනු ලැබීය. රටවල් 100කට ආසන්න සංඛ්‍යාවක හා ජාත්‍යන්තර සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, විශේෂඥයෝ හා විද්වත්හු සහ චීනයේ විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රික

නියෝජිතයෝ ඇතුළු 400කට ආසන්න පිරිසක් මාර්ගගතව හා මාර්ගගත නොවන ආකාරයෙන් සහභාගි වූහ.

The post චීන කොමියුනිස්ට් පක්ෂය, මානව හිමිකම් වෙත ගරුත්වය දක්වමින් එය සුරකින දේශපාලන පක්ෂය බව චීන ජනපති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG