Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ සහ බිරිඳගේ අවසන් කටයුතු හෙට  

Add comments

ඊයේ තමිල්නාඩුවේදී සිදුවූ ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ඔහුගේ බිරිදගේ අවසන් කටයුතු හෙට දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් ඇතුලු 14 දෙනෙකු ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වූ අතර එම අනතුරෙන් දිවි බේරා ගැනීමට හැකි වූයේ වරාන් සිං නමැති ඉන්දීය ගුවන් හමුදා ගෘප් කපිතාන්වරයාට පමණයි. සිද්ධිය සම්බන්ධයෙන් ලොව පුරා රටවල් රැසක් ශෝකය පළ කර ඇති අතර අනතුර පිළිබදව මේ වන විට විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා. 2019 වසරේදී ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කිරීමෙන් පසුව බිපින් රාවත් ඒ සදහා පත්කළ පළමු නිලධාරියා වනවා.

 

 

The post ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ සහ බිරිඳගේ අවසන් කටයුතු හෙට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG