ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන යන සියලුම මධ්‍යස්ථාන නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර ආයුර්වේදය නමින් පවත්වාගෙන යන සියලුම නීති විරෝධී මධ්‍යස්ථානවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන මහතා පවසයි.
“දේශීය වෙදකම ජාත්‍යන්තරයට” මැයෙන් අද (09) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය.
සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් පුහුණු ආයුර්වේද සම්භාහකවරුන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකය පිරිනැමීමට පියවර ගන්නා බවත් ඉදිරියේදී ඔසු උයන් සහ සංචාරක කලාප ආශ්‍රිතව සුව සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට ද සැලසුම් කර ඇති බව අනාවරණය කෙරිණ.
The post සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.
Post a Comment