ගෙවී ගිය 2021 වසරේ සංකීර්ණ ජාත්‍යන්තර හා දේශීය තත්ත්වය හමු වුවද චීන ආර්ථිකය යහපත් ප්‍රතිඵල ලබා ගෙන තිබේ. 2021 දී චීනය ගෝලීය වෙලඳාම සහ ආර්ථික ප්‍රකෘතිය සුවිශේෂී මෙහෙවරක් සිදුකර ඇත. 2021 දී චීනය ගෝලීය වෙළඳාම හා ආර්ථික ප්‍රකෘතිය ප්‍රවර්ධනය කර ඇතැයි වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Liang Guoyong මහතා මාධ්‍ය අමතමින් පැවසීය.
2021 වසරේ චීන විදේශීය වෙළඳාමේ මූලිකාංග අඛණ්ඩව වැඩිදියුණු වීමට හේතු දෙකක් තිබෙන බව Liang Guoyong මහතා එහිදී පෙන්වා දී තිබේ. එක් අතකින් ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම, භාණ්ඩ මිල ඉහළ යාම සහ ප්‍රධාන සංවර්ධිත ආර්ථිකයන්හි භාණ්ඩ වෙළඳාම සඳහා ඇති දැඩි ඉල්ලුම යනාදී බාහිර සාධක චීන ආර්ථිකයට බලපා ඇති අතර අනෙක් අතය, එය චීනයේ සුවිශේෂී ඉහළ ප්‍රමුඛත්වය නිසා යැයි ද ඔහු පැවසීය. ඩිජිටල් ආර්ථිකය, නිෂ්පාදන කර්මාන්තය, යටිතල පහසුකම් සහ ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චීනයට අනන්‍ය වූ විස්තීර්ණ වාසි ඇත. මෙම වාසි වෙනත් බොහෝ අපනයනයන් සිදු කරන රටවලට නොමැති බව Liang Guoyong මහතා සඳහන් කළේය.
ගෝලීය කොරොනා වසංගත අඛණ්ඩ පැතිර යන අවස්ථාවේදී චීනය උසස් මට්ටමේ විදේශීය විවෘතභාවය අඛණ්ඩව ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය හා ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පැවැත්වීම වෙනත් රටවල අපනයනය ව්‍යාප්ත කොට සංවර්ධනය ඉදිරියට ගෙන යාමට මනා අවස්ථා ලබා දී තිබේ.
චීන ආර්ථිකය ලෝක ආර්ථික ප්‍රකෘතියට කැප වී ඇති වැදගත් දායකත්වයන්ට, වසංගතය ඵලදායී ලෙස මැඩපවත්වා එහි ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත්වී තිබීම, ඒ හරහා ප්‍රමුඛ හා ආදර්ශවත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයේ නිෂ්පාදනයේ ස්ථාවරත්වක් පැවතීම සහ චීන රජය ස්ථාවර හා ඵලදායී සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවාලීම ඇතුළත් වෙයි.
The post අභියෝග මැද චීන ආර්ථිකය සාර්ථකව ඉදිරියට ගිය 2021 වසර appeared first on ITN News.
Post a Comment