Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අභාවප්‍රාප්ත රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ මහතාගේ අවසන් කටයුතු හෙට  

Add comments

අභාවප්‍රාප්ත ප්‍රවීණ  රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු මාතලේ පොදු සුසාන භූමියේදී හෙට සිදු කිරීමට නියමිතයි.

ගාමිණී අම්බලන්ගොඩ රංගන ශිල්පියා මෙරට වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව මෙන්ම සංගීත ක්ෂේත්‍රයට ද විශිෂ්ට දායකත්වයක් දැක්වූවා. ගල්පිලිම හා බොල්පිළිම ඇතුළු ටෙලිනාට්‍ය රැසකට ගාමිණී අම්ලන්ගොඩ රංගන ශිල්පියා දායකත්වය ලබාදුන්නා. 2017 වසරේ ගාල්ලේදී සිදුවූ අනතුරකින් පසුව ගාමිණී අම්බලන්ගොඩයන්ට එක් පාදයක ද අහිමිවුණා.

2020 වසරේ නොවැම්බර් මාසයේ විකාශය වූ ස්වාධීන රූපවාහිනී අමතක නැති මතක විශේෂාංගයට ගාමිණී අම්බලන්ගොඩ මහතා එක්වූ සුවිශේෂි වැඩසටහනක්. අභාවප්‍රාප්ත ගාමිණී අම්බලන්ගොඩ රංගන ශිල්පියාගේ දේහය පිලිබද අවසන් කටයුතු මාතලේ පොදු සුසාන භූමියේදී  හෙට සවස 4ට සිදු කිරීමට නියමිතයි.

 

 

The post අභාවප්‍රාප්ත රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ මහතාගේ අවසන් කටයුතු හෙට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG