Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවුන් සාන් සූ කී ට වසර 4 ක සිර දඬුවමක්  

Add comments

බලපත්‍ර රහිත වෝකිටෝකි යන්ත්‍ර සන්තකයේ තබා ගැනීම යන චෝදනාවට වරදකරු වූ මියන්මාරයේ හිටපු නායක නොබෙල් සාම ත්‍යාග ලාභී අවුන් සාන් සූ කි ට වසර 4 ක සිර දඩුවමක් එරට අධිකරණයෙන් අද නියම වුණා.

මේ ආකාරයටම පසුගිය දෙසැම්බර් 6 වනදාත් නිරෝධායන නීති කඩකිරීම යන චෝදනාවට වරදකරුවීමෙන් ඇයට වසර 4ක සිර දඩුවම් නියම කෙරුණා. කෙසේ වෙතත් හමුදා පාලනය එය වසර දෙකක් දක්වා අඩු කිරීමට පියවර ගත්තා.

පසුගිය පෙබරවාරි මාසයේදී කුමන්ත්‍රණයක් මගින් මියන්මාර හමුදාව එරට රාජ්‍ය පාලනය අත්පත් කර ගැනීමෙන් පසු අවුන් සාන් සූ කි හිටපු ජනාධිපති වින් මින්ට් හා දේශපාලන නායකයින් රැසක් නිවාස අඩස්සියේ පසුවනවා. අවුන් සාන් සූ කි අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයට විරුද්ධව චෝදනා 11ක් යටතේ නඩු පැවරීමටයි හමුදා පාලනය ක්‍රියා කළේ.

එම චෝදනා සියල්ලටම වැරදිකරු වුවහොත් ඇයට වසර සියයකට අධික සිර දඩුවමක් නියමවනු ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. හමුදා පාලනයට විරුද්ධව පසුගිය පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන විරෝධතා අතරතුරදී සාමාන්‍ය පුද්ගලයින් 1,400 කට අධික සංඛ්‍යාවක් මියගිය අතර අත්අඩංගුවට ගෙන ඇති පිරිස එකොළොස් දහසකට අධිකයි.

 

 

The post අවුන් සාන් සූ කී ට වසර 4 ක සිර දඬුවමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG