Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24 ට වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන්  

Add comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 222 ක් අතුරින් වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.

ඊයේ දිනයේ දී ඇමෙරිකාවෙන් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හයලක්ෂ හැත්තෑ තුන්දහස ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,002 ක්. ඒ සමගම ඇමෙරිකාවේ සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හයකෝටි විසිහත් ලක්ෂයකට ආසන්න වනවා.

එමෙන්ම ඉන්දියාවෙන් එක්ලක්ෂ හැටඑක් දහසක් ද බ්‍රිතාන්‍ය යෙන් එක්ලක්ෂ හතලිස් දෙදහසක් ද ඉතාලියෙන් එක්ලක්ෂ එක්දහසක් ලෙස ද ඊයේ දිනයේදී කොරෝනා වයිරස ආසාදිතයින් හමුවුණා. වයිරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා ලොව පුරා රටවලින් හමුවී ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව තිස්එක්කෝටි දසලක්ෂය ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස් පන්ලක්ෂ එකොළොස්දහස් නවසිය පනස්පහක්.

 

 

The post ගතවූ පැය 24 ට වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG