Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන්  

Add comments

ගත වූ පැය 24 ට පමණක් ලොව පුරා රටවල් දෙසිය විසි දෙකකින් හමු වී ඇති කොරෝනා වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 21 ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 6605ක්.

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙන්. එරටින් වයිරස ආසාදිතයින් පන්ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න සංඛ්‍යාවක් හමු වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 1847ක්. එමෙන්ම ප්‍රංශයෙන් ආසාදිතයින් දෙලක්ෂ හැත්තෑ එක් දහසක් ද, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් දෙලක්ෂ දහඅට දහසක්ද, ඉතාලියෙන් ආසාදිතයින් එක්ලක්ෂ හැත්තෑ දහසක් හා ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් එක්ලක්ෂ දාහත් දහසක් ලෙස දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මේ වන විට ලොව පුරා රටවලින් හමු වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව විසිනව කෝටි පනස් හය ලක්ෂයකට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,473,632ක්.

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG