ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 222 කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 22 ක ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4816ක්.
ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ඇමෙරිකාවෙන්. එම සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑදහසකට ආසන්නයි. එමෙන්ම ප්‍රංශයෙන් දෛනිකව වාර්තාවන ආසිදිතයින් සංඛ්‍යාව ද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24 ට පමණක් එරටින් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව තුන්ලක්ෂ හාරදහසකට ආසන්නයි. ඉන්දියාවෙන් එක්ලක්ෂ හතලිස් හත්දහසක්ද ඉතාලියෙන් එක්ලක්ෂ අනූහත් දහසක් ද බ්‍රිතාන්‍යයෙන් එක්ලක්ෂ හතලිස් හයදහසක් හා ආර්ජන්ටිනාවෙන් එක්ලක්ෂ එක්දහසක් ලෙස ආසාදිතයින් හමුවී තිබෙනවා. ඒ සමඟම ලොව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව තිස්කෝටි හයලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,502,339ක්.
The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment