පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හිම කුණාටුවකට මැදිව ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ මූරි කදුකර ප්‍රදේශයේ සංචාරයේ නිරත ව සිටි පිරිසක්. අධික හිමපතනය හේතුවෙන් එම ප්‍රදේශයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ අතර එම මෝටර් රථවල සිටි පිරිසකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ. මෝටර් රථ තුළ සිරව සිටි තවත් පුද්ගලයින් 1122 දෙනෙකු පමණ දැඩි පරිශ්‍රමයකින් අනතුරුව බේරා ගැනීමට පාකිස්ථාන යුද හමුදාව සමත් වුණා.
ඇතැම් පිරිස් පැය 32 ක පමණ කාලයක් එම මෝටර් රථ තුළ සිරව සිටි බවයි වාර්තා වන්නේ. ආහාර හා ඔක්සිජන් හිගයත් සමග තමන් දැඩි අපහසුතාවට පත්වූ බව ජීවිත බේරාගත් සංචාරකයින් පවසනවා. මූරි ඛේදවාචකවයෙන් සංචාරකයින් මිය යාම සම්බන්ධයෙන් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ශෝක පණිවුඩයක් ද නිකුත් කර තිබෙනවා. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශ වෙත නියෝග ලබාදුන්නා. පාකිස්ථානය මෙවැනි ඛේදවාචකයකට මුහුණ දුන්නේ වසර 20 කට පමණ පසුවයි.
The post පන්ජාබ් ප්‍රාන්තයේ හිම කුණාටුවකට මැදිව ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 23 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment