වසර ගණනාවක් පුරා වසා දමා තිබූ කොස්ගම ප්‍රාදේශීය රෝහලේ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු යළි රෝහල වෙත භාරදීම අද සිදුකෙරුණා.
මෙම ගොඩනැගිල්ල අබලන්වීම හේතුවෙන් කාලයක් පුරා අතහැරදමා තිබුණා. ඒ හේතුවෙන් කොස්ගම රෝහලට නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන් දැඩි අසීරුතාවට පත්වුණා. මෙය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටියක පමණ මුදලක් වැයවන බවටයි ඇස්තමේන්තුකර තිබුණේ. කොස්ගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය අධිකාරී රුචිර ගෝනගල්ගොඩ සහ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් යන මහත්වරුන් එම අභියෝගය භාරගනිමින් පරිත්‍යාගශීලීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් මෙය ප්‍රතිසංස්කරණය කෙරුණා. යුද හමුදාවයි ශ්‍රම දායකත්වය ලබාදුන්නේ. රසායනාගාර , මාතෘ සහ වැඩිහිටි සායන සහ බාහිර රෝගී අංශය ඇතුළු සේවා රැසක් සඳහා මෙහි ඉඩ පහසුකම් පවතිනවා.
The post වසා දමා තිබූ කොස්ගම ප්‍රාදේශීය රෝහලේ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කෙරේ appeared first on ITN News.
Post a Comment