Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්නත අනිවාර්ය කරමින් පනවා ඇති නීතිවලට විරෝධය පළකරමින් යුරෝපයේ රටවල් රැසක උද්ඝෝෂණ  

Add comments

කොරෝනා වයිරසයට එරෙහි එන්නත් ලබාගැනීම අනිවාර්ය කරමින් පනවා ඇති නීතිවලට දැඩි විරෝධය පළකරමින් යුරෝපයේ රටවල් රැසක උද්ඝෝෂණ ක්‍රියාත්මකයි.

යුරෝපයේ ප්‍රංශය,ජර්මනිය, ඔස්ට්‍රියාව හා ඉතාලිය ඇතුළු රටවල් රැසක ජනතාව මෙලෙස උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. ප්‍රංශයේ පැරිස් නුවර පැවති උද්ඝෝෂණ සදහා ලක්ෂයක පමණ පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. එන්නත ලබානොගන්නා පුද්ගලයින්ට විරුද්ධව ජනාධිපතිවරයා පියවර ගන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

ජර්මනියේ පැවති උද්ඝෝෂණ සදහා ද දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටි ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම ඉතාලියේදී ද විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එන්නත් ලබානොගත් පුද්ගලයින්ට පනවා ඇති නව නීතිවලට විරෝධය පළකරමින් උද්ඝෝෂණ පැවති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

The post එන්නත අනිවාර්ය කරමින් පනවා ඇති නීතිවලට විරෝධය පළකරමින් යුරෝපයේ රටවල් රැසක උද්ඝෝෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG