වසර තුනක පමණ කාලයක් රැදවුම් භාරයේ සිටි සෞදි කුමරියක හා ඇයගේ දියණිය නිදහස් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
බස්මා බින්ට් සවුද් කුමරිය හා ඇයගේ දියණිය 2019 වසරේ මාර්තු මාසයේ දී සෞදි බලධාරීන් රැදවුම් භාරයට ගනු ලැබුවා. ඒ ඔවුන් දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සදහා ස්විට්සර්ලන්තය බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදීයි. ඉන් අනතුරුව ඔවුන් අධිආරක්ෂිත බන්ධනාගාරයක රැදවීමටයි පියවර ගත්තේ.
කෙසේ වුවද සෞදි කුමරියට හා ඇගේ දියණියට විරුද්ධව මේ වනතෙක් කිසිදු චෝදනාවක් එල්ලවී නැහැ. මානව හිමිකම් ගැටලු හා ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් බස්මා බින්ට් කුමරිය හඩක් නැගීම ඇයව බන්ධනාගාර ගත කිරීමට හේතුවී ඇති බවට විශ්ලේෂකයින් මත පලකරනවා. එමෙන්ම හිටපු ඔටුන්න හිමි මොහොමඩ් බින් නයීෆ් කුමරු හා ඇය අතර තිබූ සමීප සබදතා ඇයව රැදවුම්භාරයට ගැනීමට හේතුවූ බවද සදහන් වනවා.
The post වසර 3ක් රැඳවුම් භාරයේ සිටි සෞදි කුමරියක හා ඇයගේ දියණිය නිදහස් කෙරේ appeared first on ITN News.
Post a Comment