ලොව පුරා දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24 ට පමණක් ලොව පුරා රටවල් 222 කින් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 28 කට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 7847ක්.
ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන්. ගතවූ පැය 24 ට ඇමෙරිකාවෙන් වයිරස ආසාදිතයින් හයලක්ෂ හැත්තෑදහසකට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,173 ක්. එමෙන්ම වයිරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා දෛනිකව ප්‍රංශයෙන් හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද වාර්තා වන්නේ ඊයේ දිනයේ. එම සංඛ්‍යාව තුන්ලක්ෂ හැත්තෑදහසකට ආසන්නයි. එමෙන්ම ඉතාලියෙන් දෙලක්ෂ විසිදහසක් ද ඉන්දියාවෙන් එක්ලක්ෂ අසූපන්දහසක් ද බ්‍රිතාන්‍ය යෙන් එක්ලක්ෂ විසිදහසක් හා ස්පාඤ්ඤයෙන් හා ආර්ජන්ටිනාවෙන් එක්ලක්ෂ තිස්හතර දහස බැගින්ද වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමඟ ලොව සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව තිස්එක්කෝටි හතලිස් ලක්ෂය ඉක්මවා ගියා.
The post ලොව පුරා දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් ඉහළට appeared first on ITN News.
Post a Comment