Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආදර්ශමත් ලෙස රාජ්‍ය වියදම් කළමනාකරණය කරගනිමින් ජනතාවට සහන දෙන ආණ්ඩුවක් – ඇමති රමේෂ්  

Add comments

වත්මන් ආණ්ඩුව ආදර්ශමත් ලෙස රාජ්‍ය වියදම් කළමනාකරණය කරගනිමින් ජනතාවට සහන ලබා දෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටී.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.

රාජ්‍ය වියදම් කළමනාකරණය කර ගැනීම පිළිබඳව ඉතාම හොඳ උදාහරණ හා ආදර්ශ වර්තමාන රජය විසින් ලබා දී තිබෙන බවත්, ප්‍රදර්ශනීය නොවුනාට ජනාධිපතිවරයාගේ සිට බොහෝ මැති ඇමතිවරුන් දක්වා රාජ්‍ය වියදම් කළමනාකරණය සිදු කරන බවත්, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රාශියක් රාජ්‍ය වියදම් ලෙස නව කාර්යයාල, නව වාහන මිල දී නොගෙන විදෙස් සංචාර වලට පවා සහභාගී නොවී පසුගිය අවුරුදු දෙක ඔස්සේ ඔවුන්ගේ වරදාන වරප්‍රසාද ලබා ගැනීමට කටයුතු නොකළ බව හෙතෙම මෙහි දී අවධාරණය කළේය.

එමෙන්ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යයාලය මඟින් බිලියන 03 ක පමණ මුදලක් මේ වන විට රටට ඉතිරි කර තිබෙන බවත්, ඒ අනුව ජනාධිපතිවරයා ආදර්ශයට ගනිමින් රාජ්‍ය වියදම් කළමනාකරණය කර, නාස්තිය අවම කොට, ඉන්ධන වියදම් පවා අවම කරගනිමින් එකී සියලුම ප්‍රතිලාභ ජනතාවට ලබා දෙමින් සිටින වැඩපිළිවෙලක ආණ්ඩුව සිටින බවත් හෙතෙම මෙහි දී කියා සිටියේය.

ඒ අනුව, ජනතාවට ලබාදෙන සහන ලබා දීම පවා සිදු කිරීමට හැකි ව ඇත්තේ මෙවැනි කැප කිරීම් නිසා බවත්, නැවත සංචාරක කරමාන්තය පිබිදෙමින් සිටින මොහොතක, විදෙස් රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුව තිබෙන මොහොතක සහ අපනයන අදායම ක්‍රමක්‍රමයෙන් වැඩිවෙමින් පවතින විටෙක අපහසු කාල සීමාවකින් පසු හොඳ කාලයකට පරිවර්තනය වෙමින් 2022 සැකසෙමින් තිබීම පිළිබඳව සතුටට පත් වන බවත්, ඒ අනුව 2022 වසර ඉතාම හොඳ අරමුණු සහිතව හොඳ තත්ත්වයකට රට පරිවර්තනය කරගැනීමට මෙරට ජනතාවගේ ද සහයෝගය අවශ්‍ය බව හෙතෙම මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

The post ආදර්ශමත් ලෙස රාජ්‍ය වියදම් කළමනාකරණය කරගනිමින් ජනතාවට සහන දෙන ආණ්ඩුවක් – ඇමති රමේෂ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG