Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික හිම පතනය හේතුවෙන් වොෂින්ටන් නගරයේ සියලු පාසල් හා රජයේ කාර්යාල වසාදමයි  

Add comments

අධික හිම පතනය හේතුවෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ සියලු පාසල් හා රජයේ කාර්යාල වසාදමා තිබෙනවා.

ශීත සෘතුව එළඹීමෙන් පසු මේ වන විට ඇමෙරිකාවට හිම කුණාටුවල බලපෑම දැඩිව එල්ලවන බවයි වාර්තා වන්නේ. අධික සුළං සහ දැඩි හිමපතනය සමග වොෂින්ටන් නගරයේ සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. ඇතැම් ප්‍රදේශයන්හි විදුලිබලය ද විසන්ධි වී ඇති අතර පැය 24ක් ඇතුලත දී  සෙන්ටිමීටර් 30ක පමණ හිම පතනයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. හිම කුණාටු පවතින කාලය අතර තුර නිවෙස්වලින් බැහැරට නොයන ලෙසයි ආරක්ෂක අංශ ජනතාවට දැනුම් දෙන්නේ. පොදු ප්‍රවාහන සේවා ඇනහිටීමත් සමග නගරයේ ලක්ෂ හතක පමණ ජනතාවක් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජෝර්ජියා, කැරොලයිනා, වර්ජීනියා හා පිලඩෙල්ෆියා යන ප්‍රදේශයන්වලට ද සෙන්ටිමීටර් 20ක පමණ හිම පතනයක් සිදුවිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අගවනවා. එමෙන්ම හිමපතනයත් සමග ජනතාව හිම ක්‍රිඩාවල නිරතවන ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියා.

 

 

 

The post අධික හිම පතනය හේතුවෙන් වොෂින්ටන් නගරයේ සියලු පාසල් හා රජයේ කාර්යාල වසාදමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG