Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්නත්කරණය සිදුකිරීම හරහා වයිරස ව්‍යාප්තිය පාලනය කළ හැකියි – බොරිස් ජොන්සන්  

Add comments

ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරගියද වෛරසය මැඩපැවැත්වීමට පනවා ඇති ක්‍රමවේදයන්හි කිසිදු වෙනසක් සිදු නොකරන බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සදහන් කරනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය අනෙකුත් ප්‍රභේදයන් තරම් භයානක නොවීම හේතුවෙන් එම ප්‍රභේදය මැඩපැවැත්වීමට නව නීති පැනවීම අනවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එන්නත්කරණය ශීඝ්‍රයෙන් සිදුකිරීම හරහා වයිරස ව්‍යාප්තිය පාලනය කළ හැකි බවයි ඔහු පවසන්නේ.

කෙසේ වුවද එරට සෞඛ්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ලවී ඇති බවට ද තමා පිළිගන්නා බව අග්‍රාමාත්‍යවරයා සදහන් කරනවා. බ්‍රිතාන්‍යයේ නව නීති පැනවීමක් සිදු නොවූවද ස්කොට්ලන්තය,වේල්සය හා අයර්ලන්තය වයිරස ව්‍යාප්තිය මැඩපැවැත්වීමට පසුගියදා නව නීති හදුන්වා දුන්නා. ගතවූ පැය 24 ට පමණක් බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 160,000 කට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති අතර ඒ සමගම එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි තිස්හතර ලක්ෂය ඉක්මවා ගියා.

 

 

The post එන්නත්කරණය සිදුකිරීම හරහා වයිරස ව්‍යාප්තිය පාලනය කළ හැකියි – බොරිස් ජොන්සන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG