Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීල ජනපති රෝහල් ගත කෙරේ  

Add comments

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සනාරෝ උදරයේ ආබාධයක් හේතුවෙන් රෝහල් ගතකළ බව එරට ජනාධිපති මන්දිරය නිවේදනය කරනවා.

පසුගිය ඉරිදා දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව හදිස්සියේ රෝගාතුර වූ බ්‍රසීල ජනාධිපතිවරයා වෛද්‍ය පරීක්ෂණ කීපයකට ලක්කෙරුණා. එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ උදරයේ බඩවැල් අවහිර වී ඇති බවයි. ඉන් අනතුරුව සැත්කමක් සඳහා ඊයේ දිනයේ දී ඔහුව රෝහල් ගතකෙරුණා. 2018 වසරේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුර දී සිදුවූ පිහි ඇනුමක සංකූලතා යළිත් හටගැනීම මීට හේතුවී තිබෙනවා. පිහි ඇණුමේ තුවාලවල සංකූලතා හටගැනීම හේතුවෙන්  මීට පෙරද කීපවරක් ජෙයර් බොල්සනාරෝ රෝහල් ගතකෙරුණා.

 

 

 

 

The post බ්‍රසීල ජනපති රෝහල් ගත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG