Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස් රථයක රියදුරු එම බස් රථයටම යටවී මිය යයි  

Add comments

දෙහිඕවිට බස් රථයක රියදුරු එම බස් රථයටම යටවී මියගොස් තිබෙනවා.

දෙහිඕවිට පෞද්ගලික බස් නැවතුම්පලේ රාත්‍රී කාලයේ ගාල්කර තබා දිනපතා ඇගලුම් කම්හලකට සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක රියදුරුයි එයටම යටවී මෙලෙස මියගොස් තිබෙන්නේ. අද අලුයම 5.30 ට පමණ විදුලි පන්දමක් ද රැගෙන බස් රථය යටට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ බස් රථය ඉදිරියට ධාවනය වී එහි රෝදයකට යටවීමෙන් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේ බස් රථයේ කිසිවෙකුත් සිට නොමැති අතර එම ස්ථානයෙන් ගිය පොලිස් නිලධාරියෙකු මියගිය පුද්ගලයා දැක තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක්.

 

 

 

The post බස් රථයක රියදුරු එම බස් රථයටම යටවී මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG