Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කථානායකවරයාට චීන කථානායකවරයාගෙන් නව වසර සඳහා සුබපැතුම්  

Add comments

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා අද (05) පෙරවරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූ අතර චීන
මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතාගේ නව වසර සඳහා වන සුබ පැතුම්
පනිවුඩය, ගරු කථානායකවරයා වෙත පිළිගැන්වීමද සිදුවිය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශවීය සබදතා ශක්තිමත් කිරීම සදහා මෙම වසරේද කැපවන බව චීන තානාපතිවරයා මෙහිදී පැවසීය. සුබපැතුම් පිරිනැමීම පිළිබදව චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු
මහතාට සහ තානාපතිවරයාට ගරු කථානායකවරයා සිය ස්තුතිය පළ කළේය.

චීනය නිරතුරුව ශ්‍රී ලංකාව‍ට ලබා දෙන සහය පිළිබදවද ගරු කථානායකවරයා මෙහිදී සිය ස්තුතිය පළ කළේය.

පාර්ලිමේන්තුවේදී පැවති මෙම හමුවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර මහත්මිය ද
එක්විය.

The post කථානායකවරයාට චීන කථානායකවරයාගෙන් නව වසර සඳහා සුබපැතුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG