Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙම වසරේ පළමු දින 4 තුළ වෙඩි තැබීම්වලින් ඇමෙරිකාවේ 400ක් ජීවිතක්ෂයට  

Add comments

මෙම වසරේ පළමු දින 4 තුළදී පමණක් ඇමෙරිකාවේ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 400ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව  ඇමෙරිකාවේ ගිනි අවි අපරාධ පිළිබද සමීක්ෂණ සිදුකරන ආයතනයක් නිවේදනය කරනවා.

එම දින 4 තුළදී ගිනිඅවි අපරාධ නිසා තවත් පුද්ගලයින් දෙසිය අසූ දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඇමෙරිකාවේ ගිනි අවි අපරාධ පිළිබද 2013 වසරේ සිට සමීක්ෂණ සිදුකරන ගන් වයර්ලන්ස් ආකයු (gun violence archive) ආයතනයේ නවතම සමීක්ෂණයකිනුයි මේ බව හෙළිව ඇත්තේ. ජනවාරි පළමුවනදා සිට 4 වනදා දක්වා ඇමෙරිකාවේදී විශාල ප්‍රමාණයේ ගිනි අවි අපරාධ නවයක් ද මිනීමැරුම් හා සියදිවි නසාගැනීම් රැසක්ද සිදුව තිබෙනවා. කෙසේ වුවද 2021 වසරේ දී ඇමෙරිකාවේ මහා පරිමාණ වෙඩි තැබීමේ සිද්ධි 691 ක් සිදුව ඇති බවයි එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ.

ගිනි අවි අපරාධ ඇමෙරිකාවේ සාමාන්‍ය ජන ජීවිතයට මේ වනවිටත් දැඩි බලපෑමක් එල්ලකිරීමට සමත්වී තිබෙනවා. එෆ් බී අයි ආයතනය පවසන පරිදි පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළදී අලෙවි වී ඇති ගිනි අවි සංඛ්‍යාව මිලියන 17 කට අධිකයි. එරට සෑම වැඩිහිටියන් සිය දෙනෙකු අතරම ගිනිඅවි 121 ක් පවතින බවද සමීක්ෂණයෙන් හෙළිවුණා.

ලෝකයේ වැඩිපුරම ගිනිඅවි භාවිත කරන ජනතාවක් සිටින රට ලෙස ද ඇමෙරිකාව හැදින්වෙනවා. දෙමව්පියන් සතු ගිනි අවි භාවිත කරමින් පාසල් සිසුන් ඝාතන සිද්ධීන්වලට පෙළඹීමද වැඩිපුරම වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. මෙම තත්ත්වය පාලනය කිරීම සදහා ගිනි අවිභාවිතය පාලනය කිරීමට නව නීති හදුන්වා දීමට කටයුතු කරන බවද 2020 වසරේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ජෝ බයිඩන් පොරොන්දු ලබාදුන්නා.

 

The post මෙම වසරේ පළමු දින 4 තුළ වෙඩි තැබීම්වලින් ඇමෙරිකාවේ 400ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG