ස්වීඩනයේ රජුට හා රැජිණට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ස්වීඩන රාජ මාලිගය නිවේදනය කරනවා.
ස්විට්සර්න්තයේ 75 වන වියේ පසුවන 16 වන කාල් ගුස්ටාෆ් රජු හා 78 වන වියේ පසුවන සිල්වියා රැජිණ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද රාජ මාලිගය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. ඔවුන් දෙදෙනාම වයිරසයට එරෙහි එන්නතෙහි මාත්‍රා තුනම ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔවුන් දෙදෙනා සුලු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර රාජ මාලිගය තුළම නිරෝධායනයට ලක්කර ඇති බවද එම නිවේදනයේ සදහන්.
ස්වීඩනය තුළ මේ වනවිට හතරවන වටයේ කොරෝනා ව්‍යාප්තියක් ආරම්භවී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ කියාසිටින්නේ.
The post ස්වීඩනයේ රජුට හා රැජිණට කොරෝනා වයිරසය ආසාදනය වෙයි appeared first on ITN News.
Post a Comment