බෙයිජිං 2022 ශීත ඍතු ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙලවල පූර්ව සූදානම පිළිබඳ විමසා බැලීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බෙයිජිංහි ජාතික ස්පීඩ් ස්කේටිං ක්‍රීඩාංගණයට හා අයිස් හා හිම ව්‍යාපෘති පුහුණු මධ්‍යස්ථානයට පැමිණියා.
ඊයේ(4) එහි පැමිණි ජනාධිපතිවරයා ජාතික ස්පීඩ් ස්කේටිං ක්‍රීඩාංගණයේ මෙහෙයුම් සහ නඩත්තු කණ්ඩායම සමඟ සුහදව අදහස් හුවමාරු කර ගනිමින් එහි සියලු දෙනා දිරිමත් කළේය.” ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල කිසිදු බාධාවකින් තොරව, සාර්ථකව පැවැත්වීම අපගේ අපේක්ෂාවයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙල විශිෂ්ට ලෙස පැවැත්වීමේදී හරිත ක්‍රමවේද, සුරක්ෂිතතාව මෙන්ම සරලබව සාක්ෂාත් කළ හැකි නම් එය වඩාත් සාර්ථක වනු ඇතැයි” ෂීජින් පිං මහතා එහිදී පැවසීය.
අයිස් හා හිම ව්‍යාපෘති පුහුණු මධ්‍යස්ථානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, කළමනාකරු, සේවා ඇපකරුවන්, විද්‍යාත්මක පර්යේෂකයන්, මාධ්‍ය වාර්තාකරුවන් සහ ස්වේච්ඡා සේවකයන්ට ජනාධිපතිවරයා අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමීය. කැපවීමෙන් පුහුණුවීම්වල නිරතව ශීත සෘතු ඔලිම්පික් උළලේදී හොඳ ප්‍රතිඵල ලබා ගන්නා ලෙස ඔහු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කළේය.
The post චීන ජනපති ඔලිම්පික් පරිශ්‍ර නිරීක්ෂණයට එක්වෙයි appeared first on ITN News.
Post a Comment