පින්නවල අලි සංරක්ෂණාගාරයේ උපත ලැබූ නිව්න් අලි පැටවුන් දෙදෙනාට නම් තැබීම අද සිදුකෙරුණා. දිසා සහ සංජනා ලෙසයි එම ඇලි පැටවුන්ට නම් තැබුණේ.
පසුගිය වසරේ අගෝස්තු 31 වනදා පින්නවල අලි සංරක්ෂණාගාරයේ සිටින පණ්ඩුල අලියාට සහ සුරංගි කෙනරට දාව මෙම නිව්න් අලි පැටවුන් උපත ලැබුවා. හීලෑ අලි ඇතුන් අතරින් නිව්න් පැටවුන් උපත ලැබූ පළමු අවස්ථාව ද මෙයයි. මෙම අලි පැටවුන්ට නම් තැබීම අද සිදුකෙරුණේ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම අලි පැටවුන් උපත ලබා මාසයකට පමණ පසුව අලි සංරක්ෂණාගාරයේ උපත ලැබූ කෙනර පැටවාට නීලමනී ලෙස නම් තැබීම සිදුකෙරුණා. එම නම් තැබීමේ උත්සවයෙන් අනතුරුව කනක හේරත් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.
The post පින්නවල අලි සංරක්ෂණාගාරයේ උපත ලැබූ නිව්න් අලි පැටවුන් දෙදෙනාට නම් තැබේ appeared first on ITN News.
Post a Comment