දකුණු අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ කලාපයේ නගරයක ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක පිරිසක් අවතැන්ව සිටින බව එරට මාධ්‍ය නිවේදනය කරනවා. අධික වර්ෂාව හේතුවෙන් ගංගාවල ජල මට්ටම ඉහළ යාමත් සමඟ පහත් බිම් රැසක් ජලයෙන් යටව ඇති බවද සඳහන්. අවතැන් වූ පුද්ගලයින් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භකර තිබෙනවා. මේ ආකාරයට අධික ගංවතුර හා නියං තත්ත්ව හටගැනීමට දේශගුණික විපර්යාස බලපා ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
The post දකුණු අප්‍රිකාවේ ගංවතුර හේතුවෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment