Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදයට දින දෙකක්  

Add comments

9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය ආරම්භ වන 2022.01.18 අඟහරුවාදා ඉදිරිපත් කෙරෙන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ, සභාව කල් තැබීමේ විවාදයක් 2022.01.19 බදාදා සහ 20 බ්‍රහස්පතින්දා යන දින දෙකේදී පැවැත්වීමට අද (11) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එම සභාව කල් තැබීමේ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ඇත. එමෙන්ම 2022.01.20 දින පනත් කෙටුම්පත් 4ක් පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කිරීමට නියමිත බවද සභානායකවරයා පැවසීය.

එනම්, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට සිදු කරන සංශෝධනය, පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත, 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන සහ සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන, ඒ අතර වන බවද ඔහු සඳහන් කළේය.

අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය සමරවීර මහතා පිළිබඳ ශෝක යෝජනාව, 2022.01.21 වන සිකුරාදා ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

 

The post ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදයට දින දෙකක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG