Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

O/L අයදුම්පත් භාර ගැනීම පෙබ.03 දක්වා දීර්ඝ කරයි – සහතිකපත් එක්දින සේවය නවතී  

Add comments

2021 (2022) අ.පො.ස සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගයට පෙනී සිටීමට අපේක්‍ෂා කරන අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් භාරගැනීමේ කාලය පෙබරවාරි 3 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා.

මීට පෙර ප්‍රකාශයට පත් කළ නියමිත දිනය වූයේ 2022 ජනවාරි 20 වැනිදායි. කෙසේ වෙතත්, නියමිත දිනය පෙබරවාරි 3 දක්වා දීර්ඝ කිරීමට දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk හි නිල වෙබ් අඩවියට හෝ දෙපාර්තමේන්තුවේ නිල ජංගම යෙදුම වන “DoE” වෙත ගොස් අයදුම්පත් අන්තර්ජාලය හරහා ඉදිරිපත් කිරීමට පෙර අදාළ උපදෙස් හොඳින් කියවන ලෙස කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙනවා.

මේ අතර 05 ශේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාග කටයුතු සහ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් විභාග සහතිකපත් නිකුත් කිරීමේ එක්දින සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ලබන 24 වනදා සිට නැවත දැනුම් දෙන තුරු එය බලාත්මක වන අතර මාර්ගගත ක්‍රමයට තවදුරටත් අයදුම් කළ හැකියි.

The post O/L අයදුම්පත් භාර ගැනීම පෙබ.03 දක්වා දීර්ඝ කරයි – සහතිකපත් එක්දින සේවය නවතී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG