දින 3 ක කාලයක් තිස්සේ ළිං කුහරයක සිරවී සිටි ඇෆ්ගනිස්ථානයේ හයිදර් දරුවා මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දකුණුදිග ඇෆ්ගනිස්ථානයේ , සාබුල් ප්‍රාන්තයේ පිහිටි ගම්මානයක ළිං කුහරයකට පසුගිය අගහරුවාදා ඇද වැටුණු මෙම දරුවා බේරා ගැනීමට සහන සේවකයින් මහත් වෙහෙසක් දරමින් කටයුතු කළා. දරුවා වැටී සිටින අයුරු නිරීක්ෂණය කිරීමට කැමරාවක් ද යොමු කිරීමටයි ඔවුන් කටයුතු කර තිබුණේ. එහිදි නිරීක්ෂණය වී තිබුණේ දරුවාගේ ශරීරයේ ඉනෙන් පහළ කොටස පමණක් චලනය කිරීමට හැකි අයුරින් ඔහු ළිං කුහරය තුළ සිරවී සිටින බවයි. දරුවා සිරවී සිටින ළිදේ ගැඹූර අඩි 82 ක් පමණ වූ අතර ඔහු පොළොව මට්ටමේ සිට අඩි 32 ක් පමණ ගැඹුරින් රැදී සිටි බැවින් කැණීම් කටයුතු ප්‍රවේශම්කාරී ලෙස කිරීමට කටයුතු කෙරුණද එය අසාර්ථක වුණා.
The post දින 3ක් ඇෆ්ගන් ළිං කුහරයක සිරවී සිටි දරුවා මියයයි appeared first on ITN News.
Post a Comment