Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීමක් දක්නට නැහැ – කාදිනල් හිමි  

Add comments

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වීමක් දක්නට නොලැබෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබද ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනුයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.

පාස්කු ප්‍රහාරයට අදාළ සියලුම කොමිෂන් වාර්තා සමීක්ෂණය කර ජාතික කතෝලික සන්නිවේදන කේන්ද්‍රය මගින් සම්පාදනය කරන ලද තිත නමැති ග්‍රන්ථය දොරට වැඩීම අද පෙරවරුවේ කොළඹදී සිදුවුණා. ඒ ශ්‍රි ලංකා රදගුරු මණ්ඩලයේ සභාපති අති උතුම් දේවධර්මාචාර්ය වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනුයි. මෙහිදි ආචාර්ය නන්දා මාලනී ගායනා කරන  පාස්කු ප්‍රහාරය වෙනුවෙන් නිර්මාණය වූ ගීතය එළිදැක්වීම ද සිදු කෙරුණා.

මෙම අවස්ථාවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වුණා.

 

 

 

 

 

 

 

 

 

 

The post පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීමක් දක්නට නැහැ – කාදිනල් හිමි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG