බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට කොමිලා වික්ටෝරියන් කණ්ඩායමේ ක්‍රීඩක සුනිල් නරේන් සමත් වුණා.
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඊයේ පැවති අවසන් වටයේ තෙවැනි තරගයේ දී මීර්පූර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් චැටෝග්‍රැම් කණ්ඩායම පන්දුවාර 19.1ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 148ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොමිල්ලා කණ්ඩායම පන්දුවාර 12.5ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ සුනිල් නරේන්ගේ සුපිරි ප්‍රහාරයෙන් සවිමත් වෙමින්.
පන්දු 16කදී ලකුණු 57ක් ලබා ගත් ඔහු සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 13කින්.ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 5ක් ඇතුළත්.
The post BPL ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය සුනිල් නරේන් වාර්තා කරයි appeared first on ITN News.
Post a Comment