රුසියා හමුදා යුක්රේනයේ කියෙව් අගනුවර වටලා ඇති බව වාර්තා වනවා.
මේ වන විට ඔවුන් කියේව් අගනගරයට කිලෝමිටර් 05 ක ආසන්න දුරින් රැදී සිටිනවා. කුමන හෝ මොහොතක රුසියානු හමුදාව නගරයට කඩා පනිනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊයේ දිනයේදී රුසියා සහ යුක්රේන විදේශ අමාත්‍යවරුන් තුර්කියේදී පැවති ඉහළ පෙලේ සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වුණා. සැළසුම් කළ පරිදි තම මෙහෙයුම් යුක්රේනය තුළ තවදුරටත් ඉදිරියට ගෙන යන බවයි රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝෆ් එහිදී කියා සිටියේ.
මේ වන විට යුක්රේනයේ මරියුපෝල් ඇතුළු ගණනාවකට රුසියා හමුදා පහර දෙමින් සිටින බව වාර්තා වනවා.
The post රුසියානු හමුදා කියෙව් අගනුවරට ළගා වෙයි appeared first on ITN News.
Post a Comment