යුක්රේනයේ මරියපෝල් සහ කාකිව් නගරයන්හි යුද ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තා වනවා.
රුසියානු ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ. ජීවිත හානි රැසක් වාර්තා වන නමුත් සංඛ්‍යාලේඛණ පිලිබද තොරතුරු මෙතෙක් හෙළිව නැහැ. යුක්රේන ආක්රමණයේ නිරත රුසියා හමුදා මේ වන විට කිව් අගනුවරට කිලෝමීටර් 5ක් පමණ ආසන්නයට පැමිණ ඇති බව ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව වයඹ දෙසින් අගනගරය වෙත ඇදෙන රුසියා හමුදා නගර මධ්‍යයයේ සිට සැතපුම් 9ක් දුරින් ස්ථානගතවී සිටින බවද වාර්තා වනවා.
යුක්රේන ආක්‍රමණ ආරම්භයේ සිට රුසියානු හමුදා විවිධ වර්ගයේ මිසයිල එල්ලකර ඇති බව බුද්ධි වාර්තා උපුටා දක්වමින් ඇමෙරිකා ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.
The post යුක්රේනයේ මරියපෝල් සහ කාකිව් නගරයන්හි යුද ගැටුම් උත්සන්න වෙයි appeared first on ITN News.
Post a Comment