දිය නාමින් සිටියදී විදුලි සැර වැදිම හේතුවෙන් යාපනය අච්චුවේලි ප්රදේශයේ අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බිරිද පළමුව දිය නෑම සදහා ළිද ආසන්නයේ පිහිටි වතුර ටැංකිය සමීපයට ගියවිට විදුලි සැර වැදීමෙන් කෑගසා තිබෙනවා. පසුව බිරිද බේරා ගැනීම සදහා එම ස්ථානයට ගිය සැමියාටද විදුලි සැර වැදී ඇති බවයි පසුව හෙළිවුණේ. ලිදට සවිකර ඇති වතුර මෝටරයෙන් විදුලිය කාන්දු වීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
The post විදුලි සැර වැදී යුවළක් මරුට appeared first on ITN News.
Post a Comment