යුක්රේන රුසියා සාමසාකච්ඡා තුලින් එකගතාවකට පැමිණිය නොහැකිනම් තුන්වන ලෝක යුද්ධයක් ඇතිවිය හැකි බව යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලන්ස්කි සදහන් කරනවා.
ඇමෙරිකාවේ සීඑන්එන් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන්කර ඇත්තේ. කෙසේ වුවද තමා රුසියා ජනාධිපතිවරයා හා මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් බවද යුක්රේන ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා. ගැටුම් අත්හිටුවීමට ඇති එකම විසදුම එකගතාවකට පැමිණිම පමණක් බවද ඔහු පෙන්වා දෙනවා. එමෙන්ම තමා කිසිදුවිටෙක රුසියාව ප්‍රකාශයට පත්කළ ස්වාධීන රාජ්‍යයන් පිළිනොගන්නා බවයි යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ.
The post තුන්වන ලෝක යුද්ධයක් ඇතිවිය හැකි බවට යුක්රේන ජනපති අනතුරු අඟවයි appeared first on ITN News.
Post a Comment