Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

China Eastern ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් චීනයේ Wuzhou ප්‍රදේශයට කඩා වැටෙයි  

Add comments

ඊයේ (21) පස්වරුවේ 14.38ට පමණ China Eastern ගුවන් සමාගමට අයත් අංක MU5735 දරන ගුවන්යානය දකුණු චීනයේ Kunming නගරයේ සිට Guangzhou නගරය කරා පියාසර කරමින් සිටින අතරතුර චීනයේ Guangxi Zhuang ස්වායත්තයේ Wuzhou ප්‍රදේශයට කඩා වැටී ඇත. අනතුර සිදුවන විට එහි මගීහූ 123 දෙනෙක් සහකාර්යමණ්ඩලයේ 9 දෙනෙක් ගමන් කරමින් සිටියහ.

අනතුරු හදිසි සහන යාන්ත්‍රණය වහාම ක්‍රියාත්මක කරමින් උපරිම උත්සාහයෙන් සහන සේවා ක්‍රියාත්මක කරන ලෙසට අනතුර දැනගත් වහාම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් අදාළ අංශ වෙත උපදෙස්දී තිබේ. එමෙන්ම අනතුරු සිදුවූ ස්ථානයට ගොස් හැකි ඉක්මනින් අනතුරට හේතුව සොයා සිවිල් ගුවන් සේවා ආරක්ෂාව ශක්තිමත් කර ජනතාවගේ සුරක්ෂිත භාවය සහතික කළ යුතු බවටද හෙතෙම චීන රාජ්‍ය මණ්ඩල නිලධාරීන්ට දැනුම්දී තිබේ.

ගුවන් අනතුර පිළිබඳව China Eastern ගුවන් සමාගම සමඟ සහයෝගයෙන් කටයුතු කර සහාය ලබාදෙනු ඇතැයි Boeing සමාගම පවසයි.

මේ වනවිට විශේෂඥයන් 70කට වැඩි පිරිසක් සහ හෙලිකොප්ටර් වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 30ක් Wuzhou ප්‍රදේශය වෙත පැමිණ තිබේ. මීට අමතරව මගීන්ගේ පවුල්වල සාමාජිකයින් 10 දෙනෙක් එහි ළඟා වෙමින් සිටිති.

The post China Eastern ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් චීනයේ Wuzhou ප්‍රදේශයට කඩා වැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG