Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට  

Add comments

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

මෙරට ප්‍රධාන තිරිගු පිටි සමාගම් දෙකම අද මධ්‍යම රාත්‍රියේ සිට පිටි මිල ඉහළ දැමීම හේතුවෙනුයි බේකරි හිමියන් මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ප්‍රීමා සමාගම තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40 කින් ඉහළ දමන බව නිවේදනය කළා. සෙරෙන්ඩිබ් සමාගම ද තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 35 කින් ඉහළ දමන බවයි ප්‍රකාශ කළේ. ඒ සමග ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඊට සමගාමීව සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ යනු ඇති. කෙටි ආහාරවල මිල ද  රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදු වන බවයි සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසන්නේ.

 

The post පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG