යුක්රේනය පදනම් කරගනිමින් රුසියාවට එරෙහිව යුද නොවදින බව ඇමෙරිකා ජනාධිපති ජෝබයිඩ්න් පවසනවා.
මේ වන විට පවතින යුදමය වාතාවරණය හමුවේ කිසිදු හේතුවක් මත ඇමෙරිකා හමුදාව යුක්රේනයට නොයවන බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා පවසන්නේ. ඇමෙරිකාවේ මැදිහත්වීම මත නේටෝ සංවිධානය සහ රුසියාව අතර සෘජු ගැටුමක් වර්ධනය වුවහොත් එය තුන්වන ලෝක යුද්ධයේ ආරම්භය විය හැකි බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
පවතින තත්ත්වය හමුවේ රුසියාවට පනවා ඇති සම්බාධක තවදුරටත් දැඩි කොට ආර්ථික සහ දේශපාලනමය වශයෙන් හුදෙකලා කිරීම තම අරමුණ බවයි ඇමෙරිකාව පවසන්නේ.
The post රුසියාවට එරෙහිව යුද නොවදින බව ඇමෙරිකා ජනපති පවසයි appeared first on ITN News.
Post a Comment