Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව භයානකම ස්නයිපර් වෙඩික්කරු “වලි” යුක්‍රේනය බේරා ගැනීමේ සටනට එක්වෙයි  

Add comments

රුසියා හමුදා මේ වන විට කියේව් නගරයට කිලෝමීටර් 05 ක් ආසන්නයට පැමිණ ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නියෝජිතයන් පවසනවා.

ඉදිරි කාලය කියෙව් නගරයේ බලය සම්බන්ධයෙන් තීරණාත්මක වන බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

මරියපෝල්, කාකිව් ඇතුළු නගර ගනනාවක ගැටුම් උත්සන්න වී ඇති අතර රුසියානු ගුවන්  සහ කාලතුවක්කු ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද විදෙස් මාධ්‍ය  වාර්තා කරනවා.

වයඹ දෙසින් කියෙව් අගනගරය දෙසට ඇදෙන  රුසියානු හමුදා නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 5ක පමණ දුරින් ස්ථානගතවී සිටින බවයි වාර්තා වන්නේ.  යුක්රේනයේ ප්‍රධාන නගර ගනනාවක්ම රුසියා හමුදා මේ වන විට යටත් කරගෙන අවසන්.  උපාය මාර්ගික සැලැස්මක් ඔස්සේ  නගරවලට ඇති ආහාර ඇතුළු විවිධ සැපයුම් අඩපන කිරීමෙන් එම නගර යටත් කර ගැනීම රුසියා හමුදාවල ඉලක්කය වුණා. දරුණු සටන් මධ්‍යයයේ නගර අතහැර පළායන දහස් ගණනක සාමාන්‍ය වැසියන් එම නගරවල සිරවී ඇති බව වාර්තා වනවා.

මේ අතර රුසියානු ආක්‍රමණය අඛණ්ඩව සිදුවන පසුබිමක ලොව සිටින භයානකම ස්නයිපර් වෙඩික්කරුගේ සහාය ලබා ගැනීමට යුක්‍රේනය මේ වන විට පියවර ගෙන තිබෙනවා. කැනඩා හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන 40 හැවිරිදි වලි ලෙස අන්වර්ත නාමයෙන් හැදින්වෙන ඔහු මේ වන විටත් යුක්‍රේන සටනට එක්වී සිටින බවයි වාර්තා වන්නේ. මෙම ස්නයිපර් වෙඩික්කරු සමග කැනඩා සෙබලුන් පිරිසක් ද යුක්‍රේනයට පැමිණ සිටිනවා. විවිධ රටවලින් යුද පුහුණුව ලැබූ හමුදා සාමාජිකයන් පිරිසක්ද යුක්‍රේනයේ සහායට එක්ව සිටින බවද වාර්තා වනවා.

මේ වන විට යුක්රේනයේ මරියුපෝල් නගරයේ දැඩි ආහාර අර්බුදයක්  පැන නැගී ඇති බව වාර්තා වනවා. අන්තර්ජාතික රතු කුරුස සංවිධානය සදහන් කරන්නේ  මෙලෙස ආහාර සැපයීම අඩපන වුවහොත් දැඩි මානුෂීය අර්බුදයක්  ඇතිවීම වැළැක්විය නොහැකි බවයි. ඊයේ දිනයේදී රුසියා සහ යුක්රේන විදේශ අමාත්‍යවරුන් තුර්කියේදී පැවති ඉහළ පෙලේ සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වුණා. සැළසුම් කළ පරිදි තම මෙහෙයුම් යුක්රේනය තුළ තවදුරටත් ඉදිරියට ගෙන යන බවයි රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝෆ් එහිදී කියා සිටියේ. සටන් විරාම ගිවිසුම ද නුදුරු අනාගතයේදී ක්‍රියාත්මක නොවනු ඇති බවටයි සැක පල කෙරෙන්නේ. වීඩියෝවක් නිකුත් කරමින් යුක්රේන ජනාධිපති  විලෝදිමීර් සෙලෙන්ස්කි  සදහන් කළේ තම රට රසායනික අවි හෝ සමූහ ඝාතක අවි නිෂ්පාදන කරන බවට රුසියාව එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි. යුක්රේනයට එරෙහිව රුසියාව එවැනි අවි භාවිත කළහොත් ඔවුනට දැඩි සම්බාධකවලට යටත්වීමට සිදු වන බවද යුක්රේන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. යුක්‍රේන ආක්‍රමණ ආරම්භයේ සිට රුසියානු හමුදා විවිධ වර්ගයේ මිසයිල එල්ලකර ඇති බව  ද බුද්ධි වාර්තා උපුටා දක්වමින් ඇමෙරිකා ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.

බටහිර සමාගම් රැසක් රුසියාව සමග පවත්වන වෙළද හා වානිජ සබදතා අත්හිටුවා තිබෙනවා. ඒ අතර වෙස්ටක් යූනියන්, ජේපී මෝගන්, වෝනර් මියුසික්,  ආදී සමාගම් පවතිනවා. බටහිර සමාගම්වලට අයත් වත්කම් තහනම් කිරීම කෙරෙහි රුසියා රජයේද අවධානය යොමුව තිබෙනවා. එවැනි වත්කම් තහනමකට යොමු වුවහොත් රුසියාවේ ව්‍යාපාරික කටයුතු සදහා ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව වෙතින් දැඩි විරෝධයක් එල්ල වනු ඇති බවයි ධවලමන්දිර මාධ්‍ය ප්‍රකාශක ජෙන් ප්සාකි සදහන් කළේ.

රුසියා යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් හදිසි සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා. රුසියාවේ ඉල්ලීම මතයි මෙම රැස්වීම කැදවා ඇත්තේ.

 

The post ලොව භයානකම ස්නයිපර් වෙඩික්කරු “වලි” යුක්‍රේනය බේරා ගැනීමේ සටනට එක්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG