වැල්ලවාය යාලබෝව කඳුපන්තියේ විශාල ගින්නක් ඇතිවුණා.
ඉතා කෙටි කාලයක් තුළ රක්ෂිතය පුරා වේගයෙන් පැතිර ගිය මෙම ගින්නෙන් විශාල හානියක් සිදුව තිබෙනවා. දින ගණනක් තිස්සේ වැල්ලවාය ප්රදේශයට වැසි නොලැබීමත් අධික සුළං තත්ත්වයත් ගින්න පැතිරීමට හේතුවුණා. යාලබෝව කදුපන්තිය ජල පෝෂක ප්රදේශයක් ද වනවා. ඊයේ රාත්රිය වනවිටත් ගින්න පැවති අතර මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
The post වැල්ලවාය යාලබෝව කඳුපන්තියේ ගින්නක් appeared first on ITN News.
Post a Comment